අලුතින් පක්ෂයක් පිහිටුවීම අනවශ්‍ය බවත් දැනට තිබෙන ඒකාබද්ධ විපක්ෂය නමින් ඡන්දයකට යාම සුදුසු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(29) සමාජවාදී ජනතා පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දැනට පවතින තත්ත්වය හමුවේ අලුතින් පක්ෂයක් සෑදීමේ අවශ්‍යතාවයක් නැති බැවින් ඒකාබද්ධ විපක්ෂය ලෙස නව සලකුණකින් මැතිවරණයකට යාමට හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
පක්ෂය ලියාපදිංචිය ඇතුළු අධිකරණ ක්‍රියාමාර්ග මගින් පක්ෂයේ හිමිකාරත්වය ගැන තීරණය කළ හැකි බවද මන්ත්‍රීවරයා පැවසී ය.
No comments:
Post a Comment