ඇමති මහින්ද, රාජ්‍ය ඇමති එක්ක බලය බෙදාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 29, 2016

ඇමති මහින්ද, රාජ්‍ය ඇමති එක්ක බලය බෙදාගනී

ඇමති මහින්ද, රාජ්‍ය ඇමති එක්ක බලය බෙදාගනී

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ පැවරී ඇති විෂයන් හා කාර්යන්වලින් කිහිපයක් විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා වෙත පවරා තිබේ.

ඒ අනුව වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික අධ්‍යාපනය හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් වෘත්තිය සහ කාර්මික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධනේ වන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පැවරේ. එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධ විදේශ රැකියා අපේක්ෂිත තරුණ පිරිස සඳහා ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන පුහුණු අවස්ථා ලබාදීමට අදාළ කටයුතු ද රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 25 වනදා නිකුත් කර තිබිණි. 

 

No comments:

Post a Comment

Post Bottom Ad