මැර බලය සහ දේශපාලන බලය යොදවමින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ දුම්බර කිරිඇල්ල අක්කර අටදහස් තුන්සිය දාහත (8317) ක මහා පරිමාණ දැව කොල්ලයක් දියත් කෙරී ඇත.
කිරිඇල්ල නැදුන් රජමහා විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද හිමිගේ අනුග‍්‍රහය මත මෙම දැව කොල්ලයේ නිරත වෙමින් සිටින්නේ මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ස්වාමි පුරුෂයා වන හිරාන් යටෝවිට සහ පාදුක්කේ වැලි චූලා නමැති පුද්ගලයන්ය.
දැව ජාවාරම සඳහා පොලිස් ප‍්‍රධානීන්ගේ ද සහාය ලැබී ඇත. දුම්බර ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් හතරක ගම්මාන දොළහක ජනතාවගේ ඉඩම්වල පිහිටි දැව සහ අධිරක්ෂිත කලාපවල දැව ජාවාරම්කරුවන් විසින් කොල්ලකමින් සිටී. දැව ජාවාරමට එරෙහි වන ගම්වාසීන් කිරිඇල්ල පොලීසිය විසින් අවස්ථා ගණනාවක දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ගම්වාසීන්ගේ ඉඩම්වල තිබෙන දැවවලට අමතරව ජාවාරම්කරුවන් විසින් ජලපෝෂක ප‍්‍රදේශ ආශි‍්‍රතව ඇති දුර්ලභ ගණයේ ඒකදේශික ශාක පවා විනාශ කරමින් සිටින අතර නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන ද දැව ජාවාරම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.
කිරිඇල්ල නැදුන් රජමහා විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද හිමියන් දුම්බර පාරම්පරික නින්දගමට අයත් අක්කර 2500 ක් හොරණ ප්ලාන්ටේෂන් නම් වැවිලි සමාගමට තිස් අවුරුදු බදු පදනම මත පවරා දී ඇත. ඊට අමතරව ඇති අක්කර 5800 ක භූමිය ද කිරිඇල්ල නැදුන් රජමහා විහාරයට අයිති බව කියමින් විහාරාධිපති හිමියන් ගම්වාසීන් පීඩාවට පත් කරමින් සිටී.
මේ නිසා පවුල් 2500 ක පිරිසක් දැව සංහාරය හමුවේ කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයට පත් කර ඇත. 1909 දී දුම්බර නින්දගමට අයත් ඉඩම් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ගම්වාසීන්ට පරිහරණය සඳහා නිදහස් කර ඇත. එසේ තිබිය දී 1994 නැදුන් රජමහා විහාරාධිපති හඳපාන්ගොඩ විමල හිමියන් දුම්බර පිහිටි නින්දගම තම විහාරස්ථානයට අයිති බවට ගම්වාසීන්ට පවසා ආරවුල් ඇති කරන්නට පටන් ගෙන තිබිණි.
මේ තත්ත්ව හමුවේ ගම්වාසීන් දුම්බර සුරැකීමේ සංවිධානය පිහිටුවාගෙන තිබූ අතර ගම්වාසීන් 2012 වසරේ එවකට ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට මේ පිළිබඳව පැමිණිලි කර ඇත. ඇමැතිවරයා පත් කළ සිව් පුද්ගල කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ අදාළ ඉඩම් ගම්වාසීන්ට අයත් බවය. 2014 වර්ෂයේ ඉඩම් නිරවුල් කිරීමේ කමිටුව විසින් ද තීරණය කෙරුණේ දුම්බර ඉඩම් එහි පදිංචි ජනතාවට අයිති පාරම්පරික ඉඩම් බවය.
2015 වසරේ ජුනි මාසයේ ගම්වැසියන්ට එරෙහිව නැදුන් රජමහා විහාරාධිපති හිමියන් රත්නපුර දිසා අධිකරණයට ගොනු කරන ලද පෙත්සම පවා නිෂ්ප‍්‍රභ කෙරුණේ ගම්වාසීන්ට මෙම ඉඩම්වල භුක්තිය ඇති බව සනාථ කරමිනි. ගම්වාසීන්ට එරෙහිව විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද හිමියන් රත්නපුර සිවිල් අභියාචනාධිකරණයේ නැවත නඩුවක් ගොනු කළේය.
නඩුව තවමත් විභාග වෙමින් පැවතිය දී දේශපාලන බලය හා චීවරයේ බලය යොදා ගනිමින් දුම්බර කොල්ලකෑම සඳහා හිරාන් යටෝවිටට සහ පාදුක්කේ වැලි චූලාට අවස්ථාව ලබා දී ඇත්තේ ද නැදුන් රජමහා විහාරාධිකාරී හඳපාන්ගොඩ මහින්ද හිමියන් ය.
දුම්බර සිදු වන දැව කොල්ලය සම්බන්ධයෙන් හොරණ ප්ලාන්ටේෂන් වතු සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල කාරියප්පෙරුම මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ පැරණි රබර් ගස් ගලවා ඉවත් කිරීමට තම වතු සමාගම තීරණය කර ඇති බවයි. දුම්බර වත්ත සතුව තමන්ට අක්කර 2500 ක් ඇති බවත් එම ප‍්‍රමාණය තිස් අවුරුදු බදු පදනම යටතේ විහාරාධිපති හිමියන්ගෙන් ලබා ගත් බවත් හෙතෙම සඳහන් කළේය.
ඊට අමතරව අයුතු ඇතුල් වීම චෝදනාව යටතේ ගම්වාසීන්ට එරෙහිව නඩු 52 ක් පමණ ගොනු කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. තමන්ට අයත් නොවන භූමියේ සිදු වන දැව ජාවාරමක් සම්බන්ධව තමන්ට කිසිවක් ප‍්‍රකාශ කිරීමට නොහැකි බව ද මංජුල කාරියප්පෙරුම මහතා වෙත වැඩි දුරටත් කියා සිටියේය.
දයා නෙත්තසිංහ
– Sathhada.lk
Sunday, August 14, 2016

හිරුණිකා-වැලි චූලා සන්ධානයක්… අක්කර අටදාහක් තුන් ඈවරයි…
Tags
# අනාවරණ
Share This

About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment