ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයින් 5 ක් එංගලන්තයේ කැම්බර් සෑන්ඞ් මුහුදට බිලිවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයින් 5 ක් එංගලන්තයේ කැම්බර් සෑන්ඞ් මුහුදට බිලිවේ

එංගලන්තයේ සසෙක්ස් ප‍්‍රාන්තයේ කැම්බර් සෑන්ඞ්ස් වෙරළ තීරයේ සිට මුහුදේ නාන්නට ගිය ශ‍්‍රී ලාංකික තරුණයින් පස් දෙනෙකු මුහුදු රළට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිදුවීමක් වාර්තා වෙනවා.
පසුගිය 24 වන බදාදා දිනය එම ප‍්‍රාන්තයට වසරේ හොඳින්ම හිරු පෑයූ දිනය ලෙස සැලකුණු අතර මේ නිසා විශාල පිරිස් වෙරළ වෙත ගොස් විනෝද වීමට උනන්දුවී තිබේ. එංගලන්තයේ ගිනිකොණදිග ග‍්‍රීන්විච්හි පදිංචි ද්‍රවිඩ ජාතික ශ‍්‍රී ලාංකික තරුණයින් පිරිසක් වන නිතර්ශන් රවී, කොබි නාතන්,කෙන් නාතන්, කෘෂාන්ත් අන්නා යන අය සහ තවත් එක් අයෙකු මේ ආකාරයට මුහුදේ විනෝද වන්නට හා දිය නාන්නට ගොස් අනතුරට පත්වූ බව දැන් සොයාගෙන ඇත. මේ අයගේ මළ සිරුරු තුනක් මුලින්ද පසුව අනෙක් දෙකද ගොඩ ගැසූ පසුව වෙරළ ආරක්ෂකයින් විසින් දැන් සොයාගනු ලැබ ඇත.









No comments:

Post a Comment

Post Bottom Ad