බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලේමාන් මහතාව පැහැරගෙන ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් මිලියන 05ක ත්‍යාග මුදලක් ලබාදීමට එම ව්‍යාපාරිකයාගේ පියා සූදානම් බව වාර්තා වේ.
ඔහු කියාසිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 077 010 19 71 යන ජංගම දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.
මේ අතර මෙම ව්‍යාපාරිකයා පැහැර ගෙන ගිය කල්ලිය ඔහු මුදා හැරීම සදහා රුපියල් කෝටි 02ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
පැහැර ගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ පියාට මෙම කප්පම් මුදල ඉල්ලා පසුගියදා දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඔහු ඒ පිළිබදව පොලීසියට දැනුම් දී තිබේ.
පැහැර ගැනීමට ලක්වූ 29 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාගේ මව සහ පියා ඉන්දියාවේ සංචාරයක යෙදී සිට නිවසට පැමිණ ඇත්තේ පසුගිය 20වනදා උදෑසනයි.
ඊට පෙර දින එනම් 21 වනදා මොහු සාදයකට සහභාගි වී සිය මෝටර් රථයෙන් නිවස අසළට පැමිණ බිරිඳ නිවසේ ගේට්ටුව විවෘත කරන තෙක් රැදී සිටින අතරවාරයේදී වෙනත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර තිබේ.
ව්‍යාපාරිකයා පැහැර ගෙන ගිය කප්පම් කල්ලිය පිළිබදව හෝ ඔහු රඳවා සිටින ස්ථානය පිළිබද මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බව පොලීසිය කියාසිටි.
ව්‍යාපාරිකයා පැමිණි මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර එම මෝටර් රථය නතර කර තිබූ ස්ථානයේ තිබී ව්‍යාපාරිකයාගේ අත්ඔරලෝසුව සහ කෑම පාර්සලයක් සොයාගෙන තිබේ.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට විසින් සිදුකරන අතර කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ නිල සුනඛයින් ඇතුලු පොලිස් කණ්ඩායම් 06ක් පරීක්ෂණ සඳහා යොදවා ඇති බවයි.
වීඩියෝව පහතින්.
No comments:
Post a Comment