බැසිල් ඇතුළු 4කට එරෙහි දිවි නැගුම නඩුව කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 30, 2016

බැසිල් ඇතුළු 4කට එරෙහි දිවි නැගුම නඩුව කල්යයි

බැසිල් ඇතුළු 4කට එරෙහි දිවි නැගුම නඩුව කල්යයි

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණය විසින් කල් දමා තිබේ.

ඒ, අද (30) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අද දින විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට නියමිතව තිබුණ ද නඩුවේ එක් විත්තිකරුවෙකු වන දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා රිමාන්ඩ් භාරයේ පසුවන බව රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව චෝදනා පත්‍ර භාරදීම ඔක්තෝබර් මස 19 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණය තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad