යුද හමුදාව මාන්කුලම්හි ඉදිකළ බුදු පිලිම 2ක් විනාශ කරලා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 30, 2016

යුද හමුදාව මාන්කුලම්හි ඉදිකළ බුදු පිලිම 2ක් විනාශ කරලා (PHOTOS)

යුද හමුදාව මාන්කුලම්හි ඉදිකළ බුදු පිලිම 2ක් විනාශ කරලා (PHOTOS)

යාපනය මහනුවර ඒ - 09 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදුපිළිම 02ක් ඊ‍යේ (29) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබේ.

අඩි තුනහමාරක් සහ අඩි එකහමාරක් උස සුදු පැහැති මෙම බුදුපිළිම දෙක කැබලිවලට කඩා සිරස් දෙක ඒ අසල තබා තිබී ඇත.

මෙම බුදුපිළිම දෙක 2009 වසරේ ජුනි මස 07 වනදා පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් පිහිටවීමෙන් පසුව ස්ථාපිත කොට තිබුණේ හමුදා සේනාංක එම පළාත්වල සිටි කාලවකවානුවේදී වන්දනාමාන කිරීමටය.

බුදුපිළිම දෙක විනාශ කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් පොලීසියට පැමිණිලි කොට නැතත් කනගරායන්කුලම පොලීසිය මේ සිද්ධිය පිළිබදව වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

ඡායාරූප පහතින්

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad