ත්‍රි රෝද රථ සඳහා ආසන පටි නීතිය එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 24, 2016

ත්‍රි රෝද රථ සඳහා ආසන පටි නීතිය එයි

ත්‍රි රෝද රථ සඳහා ආසන පටි නීතිය එයි
ත්‍රි රෝද රථ සදහා අාර්ක්ෂක විධිවිධාන සකස්කරන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලයට උපදෙස් දී තිබේ.

ඒ අනුව ත්‍රි රෝද රථ සඳහා ආසන පටි සවි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත. එසේම ත්‍රි රෝද සඳහා ආරක්ෂිත පටි පැළදවීම අනිවාර්යය කරමින් පනතක් ගෙන එමටත් අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ. 

නවීනතම ආරක්ෂක විධිවිධාන වලින් යුත් ත්‍රි රෝද රථයක් එළිදැක්විමේ අවස්ථාවට බත්තරමුල්ලේදි එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ඕනෑම අවස්ථාවක මාර්ගයන්හි ත්‍රි රෝද රථ ලක්ෂ 15ක් පමණ ගණන් ගන්නා බවත් ඒවා ධාවනය කරන්නේ තාක්ෂණික හා කාර්මික ගැටලු සහිතව බවත් ඔහු පෙන්වා දුන්නේය.

රිය අනතුරුවලින් වැඩි අනතුරු සංඛ්‍යාවක් ත්‍රිරෝද රථ හේතුවෙන් සිදුවන බැවින් මෙම පියවර ගත් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළේය. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙන්නේ ත්‍රීරෝද රථ අනතුරුවලදී පුද්ගලයින් වැඩි පිරිසක් රථයෙන් ඉවතට විසිවීමෙන් හිසට සහ මොළයට තුවාල සිදුවී මරණයට පත් වන බවයි.

බඳ පටි සහිත සුරක්ෂිත ත්‍රිරෝද රථක් හදුන්වාදීම මගින් එවැනි අනතුරු අවම කර ගත හැකි බව ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad