යුද අපරාධ කල අයට දඬුවම් දෙනවා.. ගෝලීය දෙමල සංසදයත් දැන් සතුටින් ඉන්නේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 7, 2016

යුද අපරාධ කල අයට දඬුවම් දෙනවා.. ගෝලීය දෙමල සංසදයත් දැන් සතුටින් ඉන්නේ..

හමුදාව හෝ ආණ්ඩුවේ ඇතැම් අපරාධයක් සිදුකර ඇත්නම් ඔවුන්ට දඬුවම් ලැබිය යුතු යයි විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.

කිසියම් අයෙක් අපරාධයක් කර ඇත්තේ නම් ඒ ඉහළින් පැමිණි නියෝගයක් නිසා යයිද සඳහන් කරන ඇමති සමරවීර මේ ගැන නිසි පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට දඬුවම් දිය යුතු යයිද කියා සිටියේය.

ජිනීවාහිදී පැවති මානව හිමිකම් සමුළුවේ ප‍්‍රගතිය ගැන කොලඹදී කරුණු දක්වමින් ඔහු සදහන් කලේ එළැමෙණ සැප්තැම්බර් මාසය වන විට අතුරුදහන් වූවන් ගැන සොයාබැලීමට කොමිසමක් පත් කරන බවත් ඊට කැබිනට් අනුමැතියද ලැබී ඇති බවත්ය.

මේ වන විට මෙරට සිදු කර ඇති සාධනීය වෙනස්කම් ගැන ගෝලීය ද්‍රවිඩ සංසදය පවා ප්‍රසාදය පළකර ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad