එජාපය හා ශ‍්‍රීලනිපය එක්පව පිහිටුවා ඇති ජාතික ආණ්ඩුව ඉදිරි වසර පහක කාලය තුල ඊළඟ මැතිවරණය තෙක් පැවැත්වෙන බව ශ‍්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායක විසින් එජාප මහ ලේකම් කබීර් හෂීම් සමඟ පැවැති ඒකාබද්ද මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායම පවා දැනුවත් නොකර බව වාර්තා වෙයි.
මෙම ප‍්‍රකාශයට දැනටමත් ශ‍්‍රීලනිප ඉදිරිපෙල බොහෝ පිරිසක් විරෝධය පල කර ඇත. වසර පහක් හවුල් ආණ්ඩුවේ සිටියහොත් ඉන් පසුව එන මහ මැතිවරණයට ඡන්දය ඉල්ලා ගන්න වෙන්නේද එජාපයෙන් බවත් මේ ගමන අවසන් වන්නේ එජාපය බලවත් වී ශ‍්‍රිලනිපය සුළු පක්‍ෂයක් ගානට වැටීමෙන් බවත් මෙම පිරිසේ අදහසයි.
මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව කිසිවෙකුට මෙවන් ප‍්‍රකාශ කල නොහැකි බවත් මෙවන් බරපතල ප‍්‍රකාශ පුද්ගලිකව සිතා කල හැකි නම් මධ්‍යම කාරක සභාවකින් පලක් නැති බවත් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෙක් සති අග ජාතික පුවත්පතකට පවසා තිබේ.
Saturday, July 23, 2016
Home
දේශපාලන පුවත්
වසර පහක ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රිලනිපය ගිනියම්.. ජන්ද දිනලා හමාරයි.. මධ්‍යම කාරක සභා අනුමැතියත් නෑ..
වසර පහක ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රිලනිපය ගිනියම්.. ජන්ද දිනලා හමාරයි.. මධ්‍යම කාරක සභා අනුමැතියත් නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment