රටේ ආන්දෝලනයක තුඩු දුන් රාගම මහා දේවාලයේ ප්‍රධාන දේවගැතිව සිටි ලොකු සීයා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පිළිබදව නිශ්චිත තොරතුරු රැසක් රහස් පොලීසියේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන තිබේ.
කාලය වැලිතලාව මත වැළලී යමින් තිබූ ලොකු සීයා ඝාතන අබිරහස විසදා දෙන ලෙස ලොකු සීයාගේ පුතුන් දෙදෙනා ඉකුත්දා නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ඉල්ලීමක්දද කර තිබිණි.
පොලිස්පතිවරයාගේ නියෝග පරිදි රහස් පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉකුත් දිනවල අංශ කිහිපයක් ඔස්සේ ලොකු සීයා ඝාතන අබිරහස සෙවීමට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොකු සීයා ඝාතනය කළේ ඇයි ? ඝාතනය කිරීමට අවශ්‍ය වුයේ කාටද ? යන්න පිළිබද නිශ්චිත තොරතුරු රැසක් සාක්ෂි සහිතව රහස් පොලීසිය විසින් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව රාගම මහා දේවාලයේ ප්‍රධාන දේවගැතිව සිටි ලොකු සීයා ඝාතනය සම්බන්ධයෙන් අනාවරණය කරගත් තොරතුරු සහිත වාර්තාවක් රහස් පොලීසිය විසින් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (23) ඉදිරිපත් කිරීමට නියමිතය.
රාගම දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයා ලෙස කටයුතු කළ “ලොකු සීයා” තම ප්‍රාඩෝ ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී 2011 ඔක්තෝම්බර් 27 දින සවස 6.15ට පමණ වැලිසර ගුණසේකර මාවතේ අධිවේගී මාර්ගය ආසන්නයේදි ගිනි අවි සහිතව අළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබිණි.
ඉන් අනතුරුව ලොකු සීයාගේ මාතෘ ශරීරය 2011 නොවැම්බර් 06 දින අක්කරෙයිපත්තු, බදුර් නගර් මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබිණි. තම පියා වන ලොකු සීයාගේ ඝාතකයන් සොයා දෙන ලෙසට ලොකු සීයාගේ පුතුන් දෙදෙනා වන “පොඩි සීයා” සහ “චූටි සීයා” සියලුම අංශ වලින් නිරන්තරයෙන් ඉල්ලීම් කර තිබිණි.
ඉෂාර රත්නකාර
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්
Thursday, June 23, 2016
රටම හෙල්ලූ ‘ලොකු සීයාගේ’ ඝාතනයේ සුලමුල හෙළිවෙන්න ළගයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment