දේශපාලන හේතූන් මත මෙරට හැරගොස් සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
එවැනි තත්ත්වයන්ට මුහුණ දී සිටින ලාංකිකයින්ට සහන ලබාදීමේ අරමුණින් මේ තීරණය ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ද නිකුත් කළ බව එම අමාත්‍යශය ප්‍රකාශ කරයි.
දේශපාලන රැකවරණ මත විදෙස්ගතව සිටි සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන මෙන් පසුගිය 2011 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට උපදෙස් ලබාදී තිබුණි.
මෙම සීමා පැනවීම් හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් බොහෝ කාලයක් තුළ අත්සන් තබා තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට පුරවැසියන් වෙත හිමිකොට දී තිබෙන මානව හිමිකම් දරුණු ආකාරයෙන් උල්ලංඝණය වූ බව ද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

No comments:
Post a Comment