ගංවතුර පාලනයට කොළඹට උමං මාර්ග දෙකක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 18, 2016

ගංවතුර පාලනයට කොළඹට උමං මාර්ග දෙකක් 

ගංවතුර පාලනයට කොළඹට උමං මාර්ග දෙකක් 
වැසි වතුරෙන් කොළඹ යටවීම පාලනය කිරීම සඳහා නිදහස් චතුරස්‍රයේ සිට උතුරු කොළඹට සහ බම්බලපිටියට උමං මාර්ග දෙකක් ඉදිකරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එම උමං මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඉදිකරන බවත් උමං මාර්ග ඉදිකිරීමේ සැලැස්ම මේවන විට සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

කොළඹ එකතුවන වැසි ජලය මුහුදට පොම්ප කිරීම සඳහා වැල්ලවත්තේ සහ නාගලම්වීදියේ පොම්පාගාර දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් මේ වසරේ ඒ සඳහා ටෙන්ඩර් කැඳවන බවත් චම්පික රණවක මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *