යුද ජයග්‍රහණයට අවුරුදු හතයි - සැමැරුම් උත්සවය බත්තරමුල්ලේදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 18, 2016

යුද ජයග්‍රහණයට අවුරුදු හතයි - සැමැරුම් උත්සවය බත්තරමුල්ලේදී

යුද ජයග්‍රහණයට අවුරුදු හතයි - සැමැරුම් උත්සවය බත්තරමුල්ලේදී
යුද ජයග්‍රහණයේ හත් වැනි සංවත්සරය අදට (18) යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන රණවිරු සැමැරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද 4.00ට බත්තරමුල්ලේ රණවිරු කේන්ද්‍රයේදී පැවැත්වේ. 

යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහිකිරීම ද එහිදී සිදු වේ. මෙම සැමරුම් උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද, මැති ඇමැතිවරු සහ ආණ්ඩුකාරවරු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වෙති.

මේ අතර රණවිරු සැමරුම් විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ‘සංහිඳියාවේ පිය සටහන්‘ මැයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (18) පස්වරු 7.30ට පැවැත්වීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යංශය සංවිධානය කරන එම සංස්කෘතිය සංදර්ශනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *