අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයින් දේශපාලන පලි ගැනීම්වලට ලක් වූවා යැයි සඳහන් කරමින් විවිධ පුද්ගලයින්ට පත්වීම් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ නිර්දේශ 04 ක් දී ඇති බව ඔහු පෙන්වා දෙයි. මෙම හවුල් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය විසින් ඊට අනුමැතිය ලබා දී ඇති බවත් ඒ හේතුවෙන් මේ රටේ අධ්‍යාපනයට බලපාන මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ මුලුමහත් ආණ්ඩුව ම වගකිව යුතු බවත් ඔහු අවධාරණය කරයි.
ඉන් ජනාධිපතිවරයාට ගැලවීමට නොහැකි බවත් නිල් පැහැති නිදහස් පක්ෂයේ අයට හෝ කොළ පැහැති එක්සත් ජාතික පක්ෂයේ අයට හෝ ගැලවීමක් නොමැති බව ඔහු පෙන්වා දෙයි. එසේ ම එම විනාශකාරී තීන්දුව ලබාදුන් කිසිවෙකුට ඉන් ගැලවීමක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
බුද්ධි මාධව

No comments:
Post a Comment