බිරිඳ ඉදිරියේ අනිකකුගේ තොල් සිපගත් තරුණයාට අත්වූ ඉරණම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

බිරිඳ ඉදිරියේ අනිකකුගේ තොල් සිපගත් තරුණයාට අත්වූ ඉරණම

මත්පැන් බී තම බිරිඳ ඉදිරිපිට අසල්වැසියෙකුගේ තොල් සිපගත් පුද්ගලයෙක් ගෙල වැළලාගෙන මියගොස් තිබේ.

හෙම්මාතගම හරංකහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු මෙම තොල් සිඹීමේ සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ සමඟ ඇති වූ බහින් බස්‌ වීමක්‌ දුර දිග යාමේ ප්‍රතිඵලයක්‌ ලෙස සියදිවි නසාගන්නට ඇති බව වාර්තා වේ. මත්පැන් සාදයක්‌ පැවැත්වෙන අතරතුර හටගත් මෙම සිදුවීමෙන් පසු රාත්‍රී 9.30 ට පමණ තම නිවසේ බාල්කයක එල්ලී අදාළ පුද්ගලයා සිය දිවි නසාගෙන ඇත.

සැමියාගේ මහ ගෙදර මිදුලේදී ඇති වූ මෙම සිද්ධියෙන් පසු ඒ අසල වූ තම නිවසට ගොස්‌ ඇති සැමියා හා බිරිඳ ඒ හා සම්බන්ධව බහින් බස්‌ වී ඇති අතර එය සමථයකට පත් කරන්නට ගිය අසල්වැසි සගයාට ද බිරිඳ දොස්‌ පවරා තිබේ. එහිදී බිරිඳට පහරක්‌ ගසා ඇය ගෙදරින් බැහැර වූ පසු මෙම පුද්ගලයා මෙලෙස සිය දිවි නසාගන්නට ඇති බවට වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad