SISහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බත්තරමුල්ල පිහිටි කාර්යාලය අසලදී සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි පුද්ගලයා රාජ්‍ය බුද්ධි අංශය හේවත් SIS හී කුලී කාරයෙකු බව අනාවරණය වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.
රාජ්‍ය බුද්ධි අංශයේ විවිධ මජර වැඩ සදහා යොදවා ගන්නා මෙම කුලීකරුවා අවස්ථා 100ය ගණනකට වඩා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර දින කිහිපයක් රදවාගෙන සිටිමෙන් අනතුරුව ඉහලින් ලැබෙන උපදෙස් අනුව ඔහුව නිදහස් කිරිමට කටයුතු කර තිබේනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි දින රැලිය සම්බන්ධයෙන් ඊයේ දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැති අතර රෙණුක පෙරෙරා තමන්ට එන්නට කියු බව පවසමින් ඇතුලට පැමිණි මොහු මහින්ද රාජපක්ෂ මහතා පැමිණි වෙලාව දුරකතනය හරහා වෙනත් පුද්ගලයෙකුට පවසා තිබේ.
මිට අමතරව දින කිහිපයක්ම මෙම පුද්ගලයා විවිධ පුද්ගලයන්ගේ නම් කියමින් කාර්යාලයේ වැඩ සදහා උදවු කිරිමට කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු තලංගම පොලිසියට භාරදීමට පෙර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක අංශය මගින් ප්‍රශ්න කිරීම් කරන අතරවාරයේ ඔහුගේ ජංගම දුරකථනයට එම්. ආර්. ගියාදැයි විමසා දුරකථන ඇමතුම් ලැබුණු බවට ද හෙළි වී ඇත.
පසුව අදාළ පුද්ගලයා ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට භාරදීමට කටයුතු කළා.
උපුටා ගැනීම : Lankanewsweb.today
Sunday, April 24, 2016
මහින්ද ගැන හොයන්න ආවේ SIS හී කුලී කාරයෙක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment