72 හැවිරිදි ව්‍යාපාරිකයෙක් විසින් 11 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතරව කළ බව කියන සිද්ධියට අදාළව ඔහුව මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ හදිසියේ හෘදයාබාධයක් වැළඳී රෝහල් ගතකළ පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මීගමුව කාමච්චෝඩය ප්‍රදේශයේ පදිංචි විවාහකයකු වන මෙම සැකකරු ඇළුමිනියම් බඩු විකුණන අයෙක් වන අතර අතවරයට පත් දැරිය මීගමුව ඇලස් පාරේ පදිංචිව සිට තිබේ. ඇයගේ මව එම ප්‍රදේශයේ CD චිත්‍රපට අලෙවි කිරීමේ වෙළෙඳ සලකට නිති පතාම ගොස් එහි ප්‍රදර්ශනය වන චිත්‍රපට නැරඹීම පුරුද්දක් කොට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව දැරියගේ මව චිත්‍රපට බැලීමට නිවසින් පිටතට යන අවස්‌ථාවක් බලා සැකකරු සිද්ධියට සම්බන්ධ දැරියව ඔහුගේ වෙළෙඳසල වෙත කැඳවාගෙනවිත් මෙම කරදරය සිදුකර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
මෙය දුටු ප්‍රදේශවාසීන් දෙදෙනකු වහා ඉදිරිපත් වී දැරිය සැකකරුගෙන් බේරාගෙන පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර මෙම සැකකරු මීගමුව දිස්‌ත්‍රික් රෝහලේ සිටියදීම මැයි මස 3 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
Wednesday, April 27, 2016

අම්මා CD බලන්න කඩේට රිංගපු අතරෙ කාමාතුරයෙක් දුවව උස්සන් ගිහින්
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment