කොළඹ CR&FC ක්‍රීඩාංගනයේ පැවති පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස් ගේ ප්‍රසංගයේ ප්‍රවේශ පත් අලෙවියේ ගිණුම් වාර්තා සහ ප්‍රසංගය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට් ආයතනයේ වත්කම් අන්සතු කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් පැමිණිල්ල කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන මැයි 7 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට කොළඹ දිසා අධිකරණය අද (26) අදාළ සමාගමට නියෝග කර තිබෙනවා.
එන්රිකේ ඉග්ලීෂීයස් ගේ ප්‍රසංගය නැරඹීමට VIP ප්‍රවේශ පත්‍ර වලට හිමි පහසුකම් ලබා නොදීමෙන් සිදුවූ මානසික අසහනකාරී තත්ත්වය සඳහා රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වන්දියක් ඉල්ලා ගොනු කළ පැමිණිලි කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ අද කැඳවූ අතර එහිදී දිසා විනිසුරුවරිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.
පැමිණිල්ලේ එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විරෝධතා පිළිබඳ විභාගයක් පවත්වා තීරණයක් ලබාදීම ප්‍රථමයෙන් සුදුසු බවට නිගමනය කළ විනසුරුවරිය මෙහිදී ප්‍රකාශක් කර තිබෙනවා.
Wednesday, April 27, 2016

බ්‍රා කේස් එක ගිය එන්රිකේ ගේ ෂෝ එකේ ටිකට් කේස් එක ආයෙත් පත්තු වෙලා
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment