සල්ලි බෙදන හිටපු ප්‍රබල ඇමති ගැන ජනපතිගේ අවධානය  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 27, 2016

සල්ලි බෙදන හිටපු ප්‍රබල ඇමති ගැන ජනපතිගේ අවධානය 

මේවන විට පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මැයි දිනය වෙනුවෙන් සෙනඟ ගෙන්වීමට මුදල් බෙදමින් සිටින බවත් මේ ආකාරයට බෙදන්න මුදල් කොහෙන්දැයි සෙවීමට සිදුවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (27)  පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හා ප්‍රවෘත්ති කර්තෘවරුන් හමුවූ අවස්ථාවේදීය.

අවුරුදු 48ක් තිස්සේ යූඑන්පිය සමග සම්බන්ධයක් නොතිබූ තමන්ට එම පක්ෂය සමග එක්ව ජනාධිපතිවරණය වෙනුවෙන් එළියට බසින්න සිදුවුයේ පැවති තක්කඩි පාලනය නිසා යැයිද එම පාලනය ගැන පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි අය පවා නොසතුටින් සිටි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසූවේ අපේ හිටපු නායකතුමාගේ පවුලේ කෙනෙකු පළාත් පාලන ආයතන මට්ටමින් රටේ වටේ ගොස් මැයි දිනය වෙනුවෙන් සෙනග රැගෙන ඒමට විශාල මුදල් ප්‍රමාණයක් බෙදමින් යන බවයි.

කෙසේ වෙතත් පසුගිය 25 හා 26 යන දෙදින තුල හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී.ල.නි.පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරිමට ගාල්ල දිස්ත්‍රික්කයේ  සෑම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක් නියෝජනය වන පරිදි රැස්විම මාලාවක් පැවැත්වීමට සංවිධානය කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad