ලක්‍ෂ හාරසීයක බෙන්ස් එකක් නැතිව ජනතා සේවය කරන්න බෑ.. මං රජයට ලාබ කලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

ලක්‍ෂ හාරසීයක බෙන්ස් එකක් නැතිව ජනතා සේවය කරන්න බෑ.. මං රජයට ලාබ කලා..

රුපියල් කෝටි හතරක් වටිනා මෝටර් රථයක් තමනට ලබා දෙන්නැයි කැබිනට් මණ්ඩලයේදී ඉල්ලා සිටියේ එවන් රථයක් නැතිව ජනතාවට සේවය කරන්න අපහසු නිසා යයි ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සිරස රූපවාහිනයේ සංවාදයක එක්වෙමින් ඔහු කියා සිටියේ වෙනත් වාහනයකින් ගියහොත් තෙහෙට්ටුවට ඇඳකට වැටෙන්න සිදුවනු ඇති බවත් කී ඔහු එය මෙරට ඇති රාජතාන්ත‍්‍රික සම්ප‍්‍රදාය යයිද කියා සිටියේය.

අනෙක් ඇමතිවරුන් කෝටි පහක් වටිනා බී.එම්.ඩබ්. රථවල යද්දී තමන් කෝටි හතරක බෙන්ස් රථයක් ගැනීමෙන් රජයට කෝටියක් ඉතිරි වන බවද ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය. ෆොන්සේකා මහතා ෆීල්ඞ් මාෂල් ධුරයක් ලැබීම නිසා ඔහුට මේ වන විටත් S class බෙන්ස් රථයක් හිමිව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad