යළිත් වරක් උතුරු පළාතෙන් මහා භයානක ශබ්ද, අද්භූත හඬවල් ඇසෙන්න පටන් අරන් ඇති බවත් ඒවා සිදු කරන්නේ අපේම වගකිව යුතු ඇත්තන් වීම ගැටලුවක් බවත් ඔවුන් නැවතත් උතුරට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍යයැයි පනත් සම්මත කර ගැනීමට යන්නේ අතීතය අමතක වුණු ඇත්තන් ලෙස බවත් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේම කුමාර නානයක්කාර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (27) ගාල්ල ලබුදූව දක්ෂිණපාය ශ්‍රවණාගාරයේදී පැවති ජාතික පේෂ හා කුඩා කර්මාන්ත තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමේ ප්‍රණාම උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා " මේවායින් ඇතිවන විපත් පිළිබඳව කිසිදු හැඟීමක් නැතිව කරන ප්‍රකාශ, සම්මත කර ගන්නා අණ පනත් නැවතත් මෙරට අගාධයකට ගෙන යන්නට කරන ප්‍රයත්නයක් වීමට ඉඩ ඇති බැවින් උතුරේ වගකිව යුතු දේශපාලනඥයන් මෙවැනි අණපනත් සම්මත කිරීමට ප්‍රථම මීට වඩා කල්පනාකාරී විය යුතුයි.
එදා චෙල්ලනායගම්ලා ෆෙඩරල් ක්‍රමයක් රටට අවශ්‍යයැයි කියලා ඇවිලූ ජාතිවාදී ගිණිසිළුව මුළු රටත් ජනතාවත් විනාශයට පත් කරන මහා යුද්ධයක් බවට පත් කරලයි නතර වුනේ. නැවතත් එවන් තත්වයක් මේ රට තුළ ඇතිවන්න අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් කිසිසේත් ඉඩ නොතබන බව අපට විශ්වාසයි. අපි ඉතාමත් ශක්තිමත් රටක්. අපේ ත්‍රිවිධ හමුදාව, අපේ ජනතාව තවමත් ශක්තිමත්. එනිසා නැවතත් යුද්ධයක් ඇති නොවන බව අපට විශ්වාසයි." යනුවෙන් කියාසිටියේ ය.
එහිදී වැඩිදුරටත් අදහස්දැක්වූ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ අද උතුරේ සමහර දේශපාලනඥයන්ට එදා යුද්ධය නිසා වැඩිපුරම දුක් වින්දේ උතුරු නැගෙනහිර ජනතාව වන බව අමතක වී ඇති බවයි. ඒ මහතා අවසානයේ " ජාතිවාදය අවුලවන්නේ කුඩා පිරිසක්. මේ රටේ වැඩි පිරිසක් සියලු ජාතීන් සමඟ එකමුතුව, එකම රටක් ලෙස ජීවත් වෙන්න කැමතියි. ඒ නිසා මේ ෆෙඩරල් රාජ්‍යය කවදාවත් ඉෂ්ඨ නොවන සිහිනයක් වන බව ද මේ අය මතක තබා ගත යුතුයි" යැයි අවධාරණය කළේය.
ලලිත් චාමින්ද - ගාල්ල
Thursday, April 28, 2016
'ෆෙඩරල් රාජ්‍යය සෑබෑ නොවෙන හීනයක්' - හේමකුමාර
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment