එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහතා ගරාජ හිමියෙකුට යකඩ පොල්ලකින් පහර දීමේ සිදුවීමක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කැකිරාව යකල්ල පාරේ පිහිටි ගරාජයකදී පෙරේදා (25) මේ පහර දීම සිදුව ඇතැයි එම කාර්මික ශිල්පියා කැකිරාව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. පහර කෑමට ලක්ව ඇති පුද්ගලයා චන්දිම ගමගේ මන්ත්‍ත්‍රීවරයාගේ මෝටර් රථයක් මන්ත්‍රිවරයාගේ නිවෙසේදීම අලුත්වැඩියා කර ඇති අතර එහි තිබූ අලුත්වැඩියා නොකළ හැකි කොටසක් සම්බන්ධයෙන් එම කාර්මික ශිල්පියා මන්ත්‍රීවරයාට කරුණු පැහැදිලි කර දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් උරණ වූ මන්ත්‍රිවරයා තම ගරාජයට පැමිණ තම බිරියද ඉදිරියේ තමන්ට යකඩ පොල්ලකින් පහරදුන් බව කාර්මික ශිල්පියා පොලිසියට සඳහන් කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ ගරාජ හිමිකරුවා කැකිරාව රෝහලට ඇතුළත් කර පසුව එදිනම රාත‍්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.
Wednesday, April 27, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිමගෙන් යකඩ පොලු පහරක් - ගරාජ් හිමියා රෝහලේ
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment