සමාජසේවා නිලධාරි තනතුර නැවතත් - එස්.බීගෙන් තීරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

සමාජසේවා නිලධාරි තනතුර නැවතත් - එස්.බීගෙන් තීරණයක්

සමාජ යහපත වෙනුවෙන් විශාල වගකීමක් ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව 2011 වසරේ සිට ක්‍ර‍මානූකූලව වැසීයන තත්ත්වයට පත්කර ඇතැයි සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (20) අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදී ය. සමාජසේවා දෙපාර්තමේන්තුව නැවත සක්‍රියකර ගැනීම සඳහා සමාජසේවා නිලධාරි තනතුර නැවත ඇති කළ යුතු බව පවසන  ඇමතිවරයා ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට කරුණු දක්වන බවද සඳහන් කළේය.  

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව “සමාජසේවා”විෂය පළාත් සභාවන්ටද “සමාජ පර්යේෂණ හා සංවර්ධනය”යන විෂයන් මධ්‍යම රජයටද වෙන්කර ඇතිමුත්, මෙම කටයුතු සඳහා ප්‍ර‍මාණවත් නිලධාරින් සංඛ්‍යාවක් නොසිටින බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. 

තම අමාත්‍යාංශය යටතේ විවිධ සහනාධාර ලබන 14 ලක්ෂයක් වන සමෘද්ධි පවුල්, වැඩිහිටි දීමනා ලබන 386,080 ක් දෙනා, ආබාධිත දීමනා ලබන 31,825 පමණ පිරිසක් හා වකුගඩු රෝගි දීමනාව ලබන 10,000 ක් දෙනා පිළිබඳ තොරතුරු සොයා බැලීමට සිදුව ඇත්තේ සමාජසේවා නිලධාරීන්ට බවත් ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad