යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 19, 2016

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

ශ්‍රී ලංකාවේ මත්ස්‍යයින් යුරෝපීය රටවලට අපනයන කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පනවා තිබූ තහනම ඉවත්කිරීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම මස 21 වැනිදා සිට එම තහනම ඉවත්කිරීමට නියමිත බවට යුරෝපා සංගමය දැනුම් දී ඇති බවයි. 

යුරෝපා සංගමය විසින් පනවා තිබූ එම තහනමට පසුබිම් වූ කරණා සහ තහනම ඉවත් කිරීම මෙන්ම, තහනම ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් උද්ගතවන කාරණා පිළිබඳව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමටද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් 2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රට වලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු මත්ස්‍ය නිෂ්පාදන වල වටිනාකම යුරෝ මිලියන හැත්තෑ හතරක් වන අතර අපනයනය කළ ප්‍රමාණය මාළු ටොන් දාහත් දහස් හාරසීය ඉක්මවයි.

ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ එංගලන්තය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කළ රටවල් වේ.
යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර, කෙලවල්ලා සහ බලයා වශයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් හඳුන්වන ටූනා මත්ස්‍ය ගණයට අයත් මත්ස්‍යයින් ප්‍රධාන වශයෙන්ම අපනයනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවයි.

No comments:

Post a Comment

Post Bottom Ad