'ප්‍රංශ ඩෙංගු එන්නත' සුදුසුදැයි සොයා බලන්න - ඇමති රාජිත  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 24, 2016

'ප්‍රංශ ඩෙංගු එන්නත' සුදුසුදැයි සොයා බලන්න - ඇමති රාජිත 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඩෙංගු ප්‍රතිශක්තිකරණ එන්නත ශ්‍රී ලංකාවට සුදුසු ද යන්න සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දී තිබේ.

ප්‍රංශයේ නිෂ්පාදිත අදාළ එන්නත පිළිබඳ මෙරට ප්‍රංශ තානාපතිවරයා පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුවත් කර ඇති බව වාර්තා වේ.

අදාළ එන්නත මේ වන විටත් රටවල් 4ක භාවිත කරන බව වාර්තා වේ.
ඒ අනුව අදාළ ඩෙංගු ප්‍රතිශක්තිකරණ එන්නත ශ්‍රී ලංකාවට සුදුසු ද යන්න පිළිබඳ සොයාබලන ලෙස පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දී තිබේ.

එම එන්නත භාවිතයට සුදුසු නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ‍ලියාපදිංචි කරන ලෙස ද එම අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාට අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම ඩෙංගු මර්දනය සඳහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දි ඇති රාජිත සේනාරත්න අමාත්‍යවරයා එම ව්‍යාපාරයේ ක්ෂේත්‍ර රාජකාරී සඳහා සේවක සේවිකාවන් දහසක් බඳවා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස ද දැනුම්දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad