ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමා‍ගෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමා‍ගෙන් ඉල්ලයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි අමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් දෙමළ සංවිධාන දෙකක් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ද්‍රවිඩ සංවිධාන දෙකක් වන ඔබාමා සඳහා ද්‍රවිඩයින්(Tamils for Obama)සහ අමෙරිකානු ද්‍රවිඩ සංසදය(American Tamil Forum)විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට අභියාචනා කරමින් ඉල්ලා තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අවස්ථා කිහිපයකදී අමෙරිකාවට සංචාරය කර තිබෙන බව පෙන්වා දෙන මෙම සංවිධාන ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස සඳහන් කරනේ මානුෂීය මෙහෙයුමේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් වගකිව යුතු වීම හේතුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad