පොලිස් ලොක්කකුගෙන් පොලිස් කාන්තාවන්ට හිරිහැර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

පොලිස් ලොක්කකුගෙන් පොලිස් කාන්තාවන්ට හිරිහැර

නැගෙනහිර පලාතේ පොලිස් ඉහල නිලධාරියෙකු විසින් පළාතේ කාන්තා පොලිස් නිලධාරිනියන්ට නිතර හිරිහැර කරන්නේ යයි ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් දෙසතියක් ඇතුලත පරීක්ෂණයක් කර එහි වාර්තාවක් ලබාදෙන්නැයි නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කර ඇත.

මෙම පරීක්‍ෂණ ආරම්භ වී ඇත්තේ පොලිස් කොමිෂන් සභාව වෙත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් යැවූ පෙත්සමක් අනුවයි.

චූදිත උසස් පොලිස් නිලධාරියා පොලිස් පොලිස් කාන්තාවන්ට බලපෑම් කරන බවත්, රාත‍්‍රියේදී ඔහුගෙන් දුරකතන ඇමතුම් හා කොටි පණිවුඩ එවන බවත් පවසා ඇති එම පෙත්සමේ මේ හේතුව නිසාම සමහර පොලිස් කාන්තාවන් දුරකතන අංක වෙනස් කරගෙන ඇතැයි සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad