කැබලිත්ත දේවාල වන්දනාවට අලුත් නීති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

කැබලිත්ත දේවාල වන්දනාවට අලුත් නීති

මෙරට දේව භක්තිකයින් විසින් කතරගම දෙවියන් වැඩවාසය කරන බවට සහ අනුහස් රැසක් ඇතැයි විශ්වාස කරන කැබලිත්ත දේවාලයේ ආශිර්වාදය ලබාගැනීමට එන බැතිමතුන්ට නව නීති පැනවීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසරයට සිදුවන හානි අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ඊට අදාළ නීති ලබන ජූලි මස 01දා සිට ක්‍රියාත්මක බව එම අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව සියලූම බැතිමතුන් කොටියාගල හරහා සහ අම්පාර - කුමන අභයභූමිය හරහා වන ප්‍රධන මාර්ග දෙක පමණක් භාවිතා කරමින් මින් ඉදිරියට කැබලිත්ත දේවාලයට ගමන් කළ යුතු වේ.

අදාළ මාර්ග දෙකෙන් ගමන් කිරීමේදී ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ කවුළු 02ක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට ද සැළසුම් කර ඇති අතර ට්‍රැක්ටර් රථවලින් පැමිණෙන බැතිමතුන් සඳහා රුපියල් 1000ක මුදලක් ද ජීප් රථවලින් පැමිණෙන බැතිමතුන් සඳහා රුපියල් 2500 ක් ද අය කෙරෙනු ඇති.
මීට පෙර කැබලිත්ත දේවාලයට ගමන් කිරීමට යොදාගත් ගල්ගේ මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා ඉඩ නොලැබෙන අතර මෙම තීරණ රජයේ ප්‍රධානීන්ට ද ක්‍රියාත්මක බව වාර්තා වේ.

එමෙන්ම විශාල ප්‍රමාණයේ ටයර් යෙදු ඕෆ්රෝඞ් වර්ගයේ රථ යොදාගෙන කැබලිත්ත දේවාලය වන්දනා කිරීමට යාම ද සම්පූර්ණයෙන් තහනම් වේ.
තවද වර්ෂාව අධිකව පවතින සැප්තැම්බර් මාසයේදී වන්දනා සඳහා පැමිණිම ද රාත්‍රී 7න් පසු කැබලිත්ත දේවාලයේ පූජාවන් පැවැත්වීම ද තහනම් කිරීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad