ජනාධිපතිවරයා කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් කිසිදු අකාරයකින් සැලකිල්ලක් නොදක්වා …තම කටයුතු සුපුරුදු අයුරින් පවත්වගෙන යන ලෙසත්…
ජනාධිපතිවරයා මේ දිනවල උත්සහ කරමින් සිටින්නේ ශ්‍රිලනිප නායකත්වය අරක්ෂා කර ගැනිමේ සටනක බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රනිල් පිළේ ප්‍රබලයන් සමග අද පැවති සාකච්ඡාවකදි අවධාරණය කල බව එම පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.
“තමා රටේ පොදු මහජනතාවට බරක් වන අන්දමේ කිසිදු බද්දක් පැනවිමට කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොතබන බවත් නැති බැරි දුප්පත් ජනතාවට පීඩාවන අන්දමේ ආර්ථික යෝජනා ගෙන එන ආර්ථික විශේෂඥයින්ට ගෙදර යන්නට කියනවා” බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව හමුවේ කල ප්‍රකාශය හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කණ්ඩායම අද වික්‍රමසිංහ මහතා හමුවිපෙන්වා දි තිබේ.
“මෛත්‍රීගේ ඉල්ලිම නිසා අවුරුද්දට කලින් කරන්න තිබුනු දෙවල් කල්දාන්න වුනා….දැන් මැයි පලමු වැනිදාට සෙනග ගෙන්න බැරි වෙයි කියලා බයවෙලා ජනතාව පිනවන්න ප්‍රකාශ කරනවා…..ඔවා හැමදාම කරන්න බෑ…”යනුවෙන්ද රනිල් පිළේ ප්‍රබලයා පවසා තිබේ.
මේ අතර ලබන මැයි මස 02 දා සිට වැඩි කිරීමට යෝජිත වූ වැට් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නවතා දැමීම නිසා මුදල් අමාත්‍යංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශාල අසීරුතාවයකට මුහුණ දී ඇතැයි එම ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙම වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදන හා අනිකුත් ලේඛණ සකස් කොට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔහු විදේශ ගතවීමට පෙර නිල වශයෙන් දන්වා යවා තිබේ. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාත්, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍ය රවි කරුනාණායක මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සමුළුවට සහභාගි වීම සඳහා නිව්යෝක් නුවරට ගොස් ඇත.
උපුටා ගැනීම : Lankanewsweb.today
Wednesday, April 20, 2016
මෛත්‍රී කියන දෙවල් ගනන් ගන්න එපා -රනිල්ගෙන් අවවාදයක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment