ආණ්ඩු විරෝදී පුවත් දැම්මොත් බලපත් අහෝසි කරන බවට රූපවාහිනි නාලිකා හිමිකරුට ඉහල බලවතෙක් දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

ආණ්ඩු විරෝදී පුවත් දැම්මොත් බලපත් අහෝසි කරන බවට රූපවාහිනි නාලිකා හිමිකරුට ඉහල බලවතෙක් දන්වයි..

මෙරට ප‍්‍රධානතම පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ජාලයක විකාශණ බලපත් අහෝසි කරන්නේ යයි ඉහලම දේශපාලන බලවතෙක් විසින් එකී මාධ්‍ය ජාලයේ සභාපතිවරයාට දැඩිව අවධාරණය කර තිබේ.

ආණ්ඩුවට අවාසිදායක පුවත් පල කිරීමෙන් වලකින ලෙසත් එසේ නොකරන්නේ නම් විකාශණ බලපත‍්‍රය ගැන තීන්දුවක් ගන්නා බවත් එකී දේශපාලන බලවතා මාධ්‍ය ජාලයේ සභාපතිවරයාට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් සිය හිතවතෙකු හා අදහස් පල කරමින් එකී සභාපතිවරයා පවසා ඇත්තේ තමන් විවිධ ආණ්ඩු සමඟ කටයුතු කර තිබුනද ඒ සියළු ආණ්ඩු සමඟ යම් ප‍්‍රශ්ණ තිබුණද මෙසේ සෘජු තර්ජනය කිරීමක් ලැබුවේ පලමු වතාවට බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad