ප්‍රභාකරන් ඝාතකයා සමරන්න රජයේ අමාත්‍යාංශයේ සාකච්ඡාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 27, 2016

ප්‍රභාකරන් ඝාතකයා සමරන්න රජයේ අමාත්‍යාංශයේ සාකච්ඡාවක්

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් මෙවර මුල්ලිවායික්කාල් අනුස්මරණ (ප්‍රභාකරන් සුනකයා මරා දැමූ දිනය) දිනය වව්නියාවේදී සැමරීමට නියමිත බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වව්නියාව කාර්යාලයේදී සිය සාමාජිකයන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වා අනාවරණය කර තිබේ.

මුල්ලිවායික්කාල් අනුස්මරණ දිනය(ප්‍රභාකරන් සුනකයා මරා දැමූ දිනය) මෙවර සියළු ජනතාව රැස්කර සැමරීම සඳහා වන සියළු කටයුතු සංවිධානය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර, ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කලේය.

2016.05.18 දින සවස 04.00ට වව්නියාව කලෙයි මගල් ක්‍රීඩාංගනයේදී මුල්ලිවායික්කාල් අනුස්මරණ දිනය (ප්‍රභාකරන් සුනකයා මරා දැමූ දිනය) සැමරීමට නියමිත අතර, යුද්ධය හේතුවෙන් මියගිය මහ ජනතාව වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ ඇති සෑම ආගමික ස්ථානයකදීම , එදින සවස 06.00 සිට රාත්‍රී 08.00 දක්වා විශේෂ ආගමික වැඩසටහන් පැවැත්මට අවශ්‍ය කටයුතු සංවිධානය කරන මෙන් සියළු පාර්ශවයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.

යුද්ධය හේතුවෙන් මියගිය සියළු ජනතාව වෙනුවෙන් ආගමික කටයුතුවල නිරතවී, මුල්ලිවායික්කාල් අනුස්මරණ දින වැඩසටහනට සහභාගී වීම සඳහා, කලෙයිමගල් ක්‍රීඩාංගනයට පැමිණෙන මෙන් ප්‍රජා සංවිධාන සහ අනෙකුත් දේශපාලන පක්‍ෂවලින් පී.සත්‍යලිංගම් ඉල්ලා සිටියේය.

 උපුටා ගැනීම :  Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad