උතුරු පළාත් සභාවට 2016.04.22 දින දෙමළ ෆෙඩරල් ප්‍රාන්තයක් සම්බන්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබේද යන්න සහ 2016.04.22 සම්මත කරගත් එකී යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 157.අ.4 යටතේ පවරා ඇති නඩුවට ඇති බලපෑම සම්බන්ධයෙන් එකී යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා ගැනීම සදහා උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමති සී. වී. විග්නේශ්වරන්, එහි සභාපති කන්දයියා සිවඥානම් සහ ප්‍රධාන ලේකම් එම්.ඒ. පතිනාදන් යන අයව කැදවන ලෙස පෙත්සමක් 2016.04.26 දින ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 157.අ. 4 යටතේ නඩු පවරා ඇති අතර නඩුවේ පෙත්සම මගින්, දෙමළ ජාතික සන්ධානයේ 2013 වසර සදහා උතුරු පළාත් සභා මැතිවරණයේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නමින් මැතිවරණයට තරග කළ බවත්, දෙමළ ජාතික සන්ධානයේ අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් වී ඇති ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම සදහා යන්න නීත්‍යානුකූලව එළිදරවුවීම යටපත් කිරීම සදහා මෙම උපක්‍රමය භාවිතා කරන බවත්,
තම අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් වී ඇති ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ කර ගත් දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි නොකර සහ මැතිවරණ වලට තරග නොකර ඒ සදහා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය යොදාගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උපක්‍රමශීලී ලෙස මග හරිමින් ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඉතා කූඨ සහගත සැළසුමක් ක්‍රියාත්මක කරන බවත්,
දෙමළ ජාතික සන්ධානය සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය අතර මනා සම්බන්ධතාවයක්, අවබෝධයක් සහ එකිනෙකාගේ කටයුතු හොදින් දන්නා බවත්, දෙමළ ජාතික සන්ධානය යටතේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරන බවත්, දෙමළ ජාතික සන්ධානය නීත්‍යානුකූලව ලියාපදිංචි කරනු නො ලැබූ දේශපාලන පක්ෂයක් ද වන බවත්,
ආර්. සම්පන්දන් මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුවද ඔහු විසින් තමා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ලෙස අර්ථ ගන්වාගෙන පාර්ලිමේන්තුවේ නැති පක්ෂයක නාමයක් ආරූඪ කර ගෙන ක්‍රියා කරන බවත්,
තම අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් වී ඇති ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ බව දෙමළ ජාතික සන්ධානය 2013 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවත්, සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් එළිදරව් කර දෙමළ ජාතික සන්ධානය නමින් මැතිවරණය සදහා තරග නොකිරීමටද වග බලාගෙන තිබෙන තිබෙන බවත්,
දෙමළ ජාතික සන්ධානය සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය අතර සිදුවන මෙම උපායශීස්ලී සම්බන්ධතාවයද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ පෙන්වන බවත් ඒ අනුව ආණ්ඩුත්‍රම ව්යෙඅවස්ථාවේ 157 .අ.4 ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ යටතේ ඔවුන් ක්‍රියා කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මුල් පෙත්සමේ දැක්වෙයි. එකී පෙත්සම මගින්,
දෙමළ ජාතික සන්ධානය අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් ලෙස ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම යන්න ඇතුළත්වීම සම්බන්ධව විභාගයක් හා/හෝ පරීක්ෂණයක් සිදුකරන ලෙසත්,
දෙමළ ජාතික සන්ධානය සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සදහා පොදු අරමුණකින් පොදු පරමාර්ථ වලින් කටයුතු කිරීම සම්බන්ධව විභාගයක් හා/හෝ පරීක්ෂණයක් සිදුකරන ලෙසත්,
දෙමළ ජාතික සන්ධානයේ අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් ලෙස ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම එම සංවිධානයේ අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් ව ඇති බවට ප්‍රකාශයක් කරන ලෙසත්,
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් ලෙස ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම එම දේශපාලන පක්ෂයේ අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් ව ඇති බවට ප්‍රකාශයක් කරන ලෙසත්,ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
උතුරු පළාත් සභාවට 2016.04.22 දින දෙමළ ෆෙඩරල් ප්‍රාන්තයක් සම්බන්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබේද යන්න සහ 2016.04.22 සම්මත කරගත් එකී යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 157.අ.4 යටතේ පවරා ඇති නඩුවට ඇති බලපෑම සම්බන්ධයෙන් එකී යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා ගැනීම සදහා උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමති සී. වී. විග්නේශ්වරන්, එහි සභාපති කන්දයියා සිවඥානම් සහ ප්‍රධාන ලේකම් එම්.ඒ. පතිනාදන් යන අයව කැදවන ලෙස 2016.04.26 දින ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම පහත දැක්වේ.
උපුටා ගැනීම : Lankanewsweb.today
Wednesday, April 27, 2016

වෙනම රජයකට ඉඩක් දෙන්න එපා- ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Tags
# අනාවරණ
Share This

About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment