බදු නැංවීමෙන් පවුලක වියදම 10,000කින් නගිනවා.. අපි විරුද්දයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

බදු නැංවීමෙන් පවුලක වියදම 10,000කින් නගිනවා.. අපි විරුද්දයි..

මැයි දෙවැනිදා සිට දමන බදු ජනතාවට දැරිය නොහැකි බවත් මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට සහය දෙන්නේ යයි කියමින් බවත් දැරිය නොහැකි බදු බර පැටවීමට දැඩි අප‍්‍රසාදය පළ කරන බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ආණ්ඩුව ඒකාබද්ධව ගමන් කලද එහි වැරදි ක‍්‍රියාමාර්ග ඇතැම් විට දක්නට ලබෙන බවද කී ඔහු යෝජිත බදු සංශෝධනය ගැන අපැහැදිලි හා ගැටලූ සහගත තත්ත්වයන් පැන නගින බවද පැවසීය.

මෙම බදු වැඩිකිරීම නිසා සාමාන්‍ය පවුලකට රුපියල් 10,000කට වඩා වැඩි බරක් පැටවෙන බවද පැවසූ ඔහු අද වන විට රටේ සංවර්දන ව්‍යාපෘතීන්ද බලාපොරොත්තු වූ මට්ටමකට පැමිණ නැතැයිද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad