Facebook ප්‍රධානියෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

Facebook ප්‍රධානියෙකු අත්අඩංගුවට

Facebook නියෝජ්‍ය සභාපතිවරයා (ලතින් ඇමෙරිකානු කලාපයේ) බ්‍රසීල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ අපරාධ නඩුවකට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය දත්ත ලබාදෙන ලෙස අධිකරණය කළ ඉල්ලීමක් අවස්ථා කිහිපයකදීම මගහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

එහි දී Facebook සමාගමට අයත්, WhatsApp පණිවුඩ සේවාවට අදාළ දත්ත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ආර්ජන්ටිනා ජාතිකයෙකුවන ඩියේගෝ සෝඩෑන් නමැති ෆේස්බුක් උප සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

ඩියේගෝ අත්අඩංගුවට ගැනීම අන්තවාදී හා ක්‍රමාණුකූල නොවන තීන්දුවක් බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති Facebook සමාගම සඳහන් කරයි. 

බ්‍රසීලයේ සාඕපෝලෝ නුවර විශේෂ කලාපයක පිහිටි සිය නිවසේ සිටිය දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊසානදිග බ්‍රසීලයේ සර්ජීපේ ප්‍රාන්ත අධිකරණයක් විසින් මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය ලබා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad