ගෘහ සේවයට ගිය කතුන් ගණිකාවන් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

ගෘහ සේවයට ගිය කතුන් ගණිකාවන් වෙයි

ආසියානු කලාපීය රටක කාන්තාවන් තිදෙනෙකු විසින් ඕමානයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් එරට ආරක්ෂක අංශ විසින් වටලා තිබේ.

එම සැකකාරියන් මහල් නිවාසයක නිවසක් මිල දී ගෙන එම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වී ඇත. කෙසේ වුව ද එම කාන්තාවන් කුමන රටකින් පැමිණි අය ද යන්න මෙතෙක් හෙළිකරගෙන නොමැත.

මෙම කාන්තාවන්ට සාපරාධි ක්‍රියා සිදු කිරීමේ චෝදනා මත නඩු පවරන බව ඕමාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත. ගෘහ සේවයට ගොස් හිරිහැරවලට ලක් වී පළායන කාන්තාවන් මෙම ගණිකා ජාවාරමට සම්බන්ධ කරගෙන ඇතැයි ද අනාවරණ වී තිබේ.

නිවසක් කුලියට ලබාදීමේ දී එය ලබාගන්නා පිරිස පිළිබඳ විශේෂ අවධානයක් කරන ලෙසට අදාළ නිවස කුලියට ලබාදුන් හිමිකරුට ද පොලීසිය අවධාරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad