3 වියැති දරුවෙකු මරා දමා ඔහුගේ හිස අතැතිව ගමන් කරමින් සිටි කාන්තාවක මොස්කව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ තැනැත්තිය ඝාතනයට ලක්වූ දරුවා බලාගත් කාන්තාව වන අතර ඇය විසින් මේ දරුවා මරා දමා එම නිවසට ද ගිනි තබා ඇත. හිජාබ් ඇඳුමකින් සැරසුණු කාන්තාව හිසක් ද අතැතිව පැමිණෙනු CCTV දර්ශන තුළින් දුටු පොලිස් නිලධාරීන් ඇයව අල්ලා ගැනීමට සමත් වී තිබේ.
"අල්ලාහු අක්බර්", "මම ත්‍රස්තවාදියෙක්" සහ "මම ඔබේ මරණයයි" යනුවෙන් ඇය කෑගැසූ බව ද සඳහන් වේ. රුධිරය සහිත හිසක් අතැතිව සිටියත් එය සැබෑ එකක් යැයි නොසිතූ බව ඇය අසලින්ම සිටි මාධ්‍යවේදිනියක පවසා තිබේ.
එම කාන්තාව ළමා හිස අතැතිව සිටින වීඩියෝව සහ කාන්තාව අල්ලාගන්නා අවස්ථාව දැක්වෙන CCTV වීඩියෝව පහතින්.
Wednesday, March 2, 2016
දරුවෙකු මරා හිස රැගෙන ගිය කත CCTV සහයෙන් අල්ලයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment