හිරුණිකා යෝෂිත ගැන කියූ කතාව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

හිරුණිකා යෝෂිත ගැන කියූ කතාව (VIDEO)

වැරදි ආකාරයෙන් අයෙකු මුදල් හම්බකළ හොත් ඒවා "කළු සල්ලි" වන බවත්, ඒවා "සුදු සල්ලි" බවට පත් කර ගැනීමට යම් කිසි ව්‍යාපාරයකට යෙදවිය යුතු බවත්, යෝෂිත රාජපක්ෂ මහතා CSN නාලිකාව හරහා සිදු කළේ ද එසේ කළු සල්ලි - සුදු සල්ලි බවට පත් කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළේ ය.

තම ව්‍යාපාරය වූ CSN නාලිකාව ඇරඹීමට මෙම කළු සල්ලි යෙදවූ යෝෂිත රාජපක්ෂ මහතා දැන් එම මුදල් කොහෙන් පැමිණියේ දැ යි ඔප්පු කළ යුතුව තිබෙන බව පැවසූ ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබා දීමට නොහැකි හේතුව වන්නේ මෙම මුදල් ආ මාර්ගය ඔප්පු කර ගැනීමට නොහැකි වීම බව යි.

වීඩියෝව පහතින්...
රක්ෂිත බන්ධනාගාරයේ සිටින යෝෂිත ගැන මන්ත්‍රිණී හිරුණිකා කී දේ
Posted by Newsfirst.lk on Monday, February 15, 2016

No comments:

Post a Comment

Post Bottom Ad