පාප් වහන්සේට තරහ ගිය මොහොතක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

පාප් වහන්සේට තරහ ගිය මොහොතක් (VIDEO)

මෙක්සිකොවේ මොරෙල්ලා නගරයේදී සිදුවූ සිදුවීමක් හේතුවෙන් පාප් වහන්සේ කෝපයට පත්වූ අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත්වී තිබේ.

ඊයේ (16) මොරෙල්ලා නගරයේ පිහිටි ක්‍රීඩාගාරයක තරුණ තරුණියන් වෙනුවෙන් දේව මෙහෙයක් පැවැත්වූ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී තිබේ. උන්වහන්සේ රැස්ව සිටි පිරිස ආසන්නයට ගොස් සිටින විටදී එක් පුද්ගලයෙකු ඔහුගේ කබායෙන් අදින අතර උන්වහන්සේ එම ස්ථානයේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් මතට ඇද වැටෙයි.

මේ හේතුවෙන් මදක් කෝපයට පත්වන උන්වහන්සේ 'ආත්මාර්ථකාමී වෙන්න එපා, ආත්මාර්ථකාමී වෙන්න එපා' යැයි පවසයි. මෙම සංචාරයේදී පාප් වහන්සේ තරුණ තරුණියන් වෙත ලබාදී ඇති පණිවිඩය වන්නේ පහසුවෙන් මුදල් ඉපැයූමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක් නොවිය යුතු බව සහ තමන්ව රටේ ධනය ලෙස සළකා ඔවුන් අයත් ප්‍රජාව ගොඩ නැගිය යුතු බවයි.

පහත දැක්වෙන්නේ සිදුවීමට අදාළ වීඩියෝ පටයයි.

No comments:

Post a Comment

Post Bottom Ad