සෝලංගආරච්චිට මරික්කාර්ගේ පිරිස හූ කියලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

සෝලංගආරච්චිට මරික්කාර්ගේ පිරිස හූ කියලා !

බත්තරමුල්ල රන්මඟ පායේ පිහිටි බස්නාහිර අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට අද (17) උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට විසිරයන ලෙස බලපෑම් කළ ප්‍රසංග සෝලංගආරච්චි මහතාට උද්ඝෝෂකයින් විරෝධය දැක්වීම නිසා උණුසුම්තත්ත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

මේ උද්ඝෝෂණය කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාශයේ ආදේශක ගුරුවරුන් නොමැතිව ගුරුවරුන් වෙනත් කොට්ඨාශ වෙත මාරු කර යැවීමට විරෝධය පල කරමින් දෙමාපියන් පිරිසක් විසින් සිදු කළ එකක් බව පැවසේ. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් අදාළ උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.

කෙසේවුවද, එය විසුරුවාහැරීමට පැමිණි සෝලංගආරච්චි මහතාට ඉන් පිටව යන්නට සිදුව ඇත්තේ උද්ඝෝෂකයින්ගේ හූ හඬ මධ්‍යයේ බවද පැවසේ.කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ ගුරුවරු 67 ක හිඟයක් ඇති බව පැවසෙන අතර එසේ තිබියදී ආදේශක ගුරුවරුන් නොමැතිව තවත් ගුරුවරු 11 දෙනෙකුට වෙනත් කොට්ඨාසවලට ස්ථානමාරු දී ඇතැයි වාර්තා වේ.

අදාල ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට උද්ගොෂකයන් අතර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් වෙත බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා අවස්ථාව ලබා දී ඇති අතර එහිදී ගුරු හිඟය මගහැරීමට ප්‍රමුඛතාව දෙනබවට අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දුවී ඇතැයි පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad