වෙනත් පක්ෂයකට ඉඩ නෑ - ශ්‍රීලනිපයේ තීරණය එළියට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

වෙනත් පක්ෂයකට ඉඩ නෑ - ශ්‍රීලනිපයේ තීරණය එළියට (VIDEO)

පසුගිය මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිදු මන්ත්‍රීවරයෙකුට වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් සෑදීමට ඉඩ නොදිය යුතු බවට එහි මධ්‍යම කාරක සභාව ඒකමතික ව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ අද (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ මෙම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් තේරීම්කාරක සභාවක් පත් කළ බව හෙතෙම එහි දී පෙන්වා දුන්නේ ය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ දී ද නව ව්‍යවස්ථා කෙටුම්පත් 03ක් හැදූ බවත් එම එක් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක් වූ බවත් ඔහු සඳහන් කළේ ය.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad