හිටපු සෙබලෙකු ඝාතනය කරයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

හිටපු සෙබලෙකු ඝාතනය කරයි (PHOTOS)

ගල්කිරියාගම පොලිසියට අයත් බුදුගේහින්න ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ තියුණු අයුධයකින් හා නන්චක්කුවකින් පහරදී පුද්ගලයකු මරා දමා ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ  බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි හිටපු යුදහමුදා සෙබලෙකු වන ජේ. ඩබ්ලිව්. නිමල් ප්‍රේමතිලක නමැත්තා වන අතර ඝාතනය සිදුකර ඇත්තේ ද හමුදා සෙබළෙකු බව ගල්කිරියාගම පොලීසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා එකම ගමක පදිංචිකරුවන් බවත් කාලයක සිට දෙන්නා අතර ආරවුලක් තිබී ඇති බවත් පසුගිය 16 වෙනි දින පස්වරුවේ ඔවුන් අතර ගුටි බැට හුවමාරුවක්‌  සිදුව ඇති බවත් මියගිය යුධ සෙබළා රාත්‍රී යතුරු පැදියකින් ගොවිපලට යන අතරමඟදී මාර්ගයේ රැකසිට මේ ඝාතනය කර ඇති බවත් මේ වනවිට සොයාගෙන තිබේ.

මෙම ඝාතනය සිදුකළ බවට සැකකරන කුරුණෑගල යුධ හමුදා කදවුරක සේවය කරන ආබාධිත සෙබලෙකු සොයා ගල්කිරියාගම පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

ඡායාරූප පහතින්...
 

කාංචන කුමාර ආරියදාස

No comments:

Post a Comment

Post Bottom Ad