පාසල් 1500 ක පරිගණක විද්‍යාගාර ඇණහිටී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

පාසල් 1500 ක පරිගණක විද්‍යාගාර ඇණහිටී

පාසල් පරිගණක විද්‍යාගාරවල ක්‍රියාත්මකවන School net වෙබ් අඩවියේ අන්තර්ජාල සේවා නතර කර දැමීම හේතුවෙන් පාසල් 1500 ක පරිගණක විද්‍යාගාර කටයුතු ඇණහිට ඇතැයි ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.

පෙබරවාරි මස 12 වැනි දා සිට අන්තර්ජාල පහසුකම් අක්‍රිය කර දමා තිබෙන්නේ අදාළ අන්තර්ජාල පහසුකම ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ගෙවිය යුතු සේවා ගාස්තු නොගෙවීම නිසා බව ද එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

අන්තර්ජාල පහසුකම් අක්‍රිය කිරීම හේතුවෙන් ගුරුවරු සහ සිසුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය. School net වෙබ් අඩවිය අධ්‍යාපන අමාත්‍යාංශය සහ මොරටුව විශ්වවිද්‍යාලය එක් ව පවත්වාගෙන යනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad