මහනුවර බෝ ගසක් කඩාවැටී කතක් මරුට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

මහනුවර බෝ ගසක් කඩාවැටී කතක් මරුට (PHOTOS)

මහනුවර නගරයේ වැඩී තිබූ විශාල බෝ ගසක් අද (24) දහවල් මාර්ගයට කඩා වැටී ඇති අතර ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගයින් කිහිපදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

මහනුවර නගරයේ බෝගම්බර සිරගෙදර පිටුපස මෙම බෝ ගස පිහිටා ඇති අතර එය කඩා වැටුණු අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයකට ද දැඩි හානි සිදුවී තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ පේරාදෙණිය ඒදඬුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පත්මා කුමාරි නමැති තිදරු මවකි. මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවයි.

ඡායාරූප පහතින්....
 

කමල් සුරවීර - මහනුවර 

No comments:

Post a Comment

Post Bottom Ad