මේරි කොම් නිසා අනුෂාට වෙච්ච දේ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

මේරි කොම් නිසා අනුෂාට වෙච්ච දේ (PHOTOS)

පස් වතාවක් ලෝක කාන්තා බොක්සිං කිරුළ දීනූ ඉන්දීය බොක්සිං කී‍්‍රඩිකා මේරි කොම් සමග ෂිලෝන්ග් බොක්සිං වලල්ලේදී තරඟ වැදුණු ශී‍්‍ර ලංකාවේ අනූෂා කොඩිතුවක්කු ඊයේ (17) ශ‍්‍රී ලංකාව වෙත පැමිණියේ රෝද පුටුවක් ආධාරයෙන්.
 

12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කිලෝග‍්‍රෑම් 51 බර පන්තියේ අවසන් තරඟයේදී මේරි කොම් සමග තරඟ වැදුණු අනූෂා මුල් වට දෙකේදීම පරාජයට පත් වුණා. කෙසේ වෙතත් 3 වැනි වටයේ දී මේරි කොම් එල්ල කළ පහරකින් එක්වරම අනූෂා කොඩිතුවක්කු ඇදවැටුණු අතර මේරි කොම්ද ඇගේ සිරුර මතට ඇද වැටුණා. 

ඒ සමග ශක්තියෙන් දුර්වල වූ අනූෂා කොඩිතුවක්කුගේ පාදයක් මේරි කොම් හිතාමතාම තද කිරීම හේතුවෙන් ඇගේ එම පාදයේ මස්පිඩු ඇදීමක් සිදුව තිබෙනවා. වෙත අදහස් දක්වමින් අනූෂා කොඩිතුවක්කු පැවසුවේ ලෝක ශූර කී‍්‍රඩිකාවක් කළ මෙම කි‍්‍රයාව කී‍්‍රඩාවේ  මහත්මා ගුණයට කැළලක් එක් කළ බවයි.

මේරි කොම් සහ අනූෂා අතර පැවති බොක්සිං තරඟයට ඉන්දීය මාධ්‍යද වැඩි ඉඩකඩක් ලබාදී තිබුණා. ඇතැම් අවස්ථාවලදී ෂිලෝන්ග්හිදි මේරි කොම් සිය පුහුණුවීම් සිදු කර තිබුණේ විශේෂ ආරක්ෂාවක් යටතේයි. ඊයේ දිනයේදී ගුවාටි ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාව බලා ඒම සඳහා අනුෂා කොඩිවක්කු ගුවන් යානයට ගොඩවූයේ සිය සහෝදර ක්‍රීඩකයන්ගේ කර මතින්.

තමන් අද (18) දිනයේ කොළඹ පෞද්ගලික රෝහලකින් ආබාධයකට ලක් වූ පාදය ස්කෑන් පරීක්ෂාවකටද ලක් කළ බව අනූෂා කොඩිතුවක්කු නෙත් නිවුස් වෙත පැවසුවා. මෙවර නිමාවට පත් වූ 12 වැනි ආසියානු තරඟාවලියේ ඉන්දියාව නොයෙක් වාසි සහගත තීරණයන්ද ඇතැම් ඉසව්වලදී ලබාදීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවට දැඩි පාඩුවක් සිදු වුණා. ඉන්දීය විනිසුරුවන් කබඩි ඉසව්වලදී තීන්දු තීරණ ගත්තේ ශී‍්‍ර ලංකා කබඩි කී‍්‍රඩිකාවන්ද හඬවමින්.




Source : Nethfm

No comments:

Post a Comment

Post Bottom Ad