සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසල රක්ෂිතයක ගින්නක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසල රක්ෂිතයක ගින්නක් (PHOTOS)

දිඹුල පොලිස් වසමට අයත් සෙන්ක්ලෙයාර් දියඇල්ල ආසන්නයේ පිහිටි පෙටිලි වතුයාය අසල රක‍්ෂිතයේ ඊයේ (17) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ පස්වරු 3.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එය  සීඝ්‍රයෙන් පැතිරී යාම නිසා රක්ෂිතයේ අක්කර 03ක පමණ කොටසක් ගිණි ගෙන විනාශ වි තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ඉලුක් සහිත මෙම රක්ෂිතයේ සැරිසරන සතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් රක‍්ෂිතයට ගිණි  තබන්නට ඇති  බවයි.

මේ දිනවල මධ්‍යම කඳූකරයේ පවතින වියළි කාළගුණයත් සමග රක‍්ෂිතවලට ගිණි තැබිමි හේතුවෙන් අක්කර 500කටත් වැඩි භූමි ප්‍රමාණයක් ගිණි ගෙන විනාශ වි ඇති බව ද වාර්තා වේ.

එහි ඡායාරූප පහතින්....
 

හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad