මාර්ග නීති කඩකිරීමේ වරදකට රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන නිකුත් කර තිබූ තාවකාලික රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් Facebookහි පළ කළැ යැයි චෝදනා නගමින් පුද්ගලයෙකුට එරෙහිව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිළධාරීන් ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පදවද්දී රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන තාවතකාලික බලපත්‍රයක් නිකුත් කර නඩු පවරා තිබූ බවයි.
පසුව අදාළ රියදුරා තමන් වෙත නිකුත් කර තිබූ තාවකාලික රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් තම Facebook ගිණුමෙහි පළ කර, "යාළුවනේ, නොකළ වරදකට මගේ රියදුරු බළපත්‍රය කන්දකැටිය පොලීසියෙන් ගත්තා. දැන් මගේ ලඟ තියෙන්නේ මේක" යනුවෙන් සටහනක් ද තබා ඇති බවත් මේ ක්‍රියාවෙන් පොලිස් නිළධාරීන් අපහසුතාවට පත් වන බවත් පොලීසිය පැවසුවේ ය.
එම නිසා මාර්ග නීති කඩකළ වරදට පවරා ඇති නඩුවට අමතරව අදාළ රියදුරාගේ Facebook ක්‍රියාවට එරෙහි වෙනම නඩුවක් පැවරීමට පියවර ගත් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ. තාවකාලික රියදුරු බලපත්‍රය යනු රහසිගත ලියවිල්ලක් නොවන බවත්, එය ප්‍රසිද්ධ ලියවිල්ලක් නිසා ඕනෑම කෙනෙකුට Facebook හෝ අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීමේ තහනමක් නොමැත බවත් රියදුරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥයින් අධිකරණයට පැවසුවේ ය.
එමෙන්ම මෙරට ජනාධිපති, අගමැති වැන්නවුන් පමණක් නොව අමෙරිකානු ජනාධිපති වැන්නවුන්ට ද අපහාස වන ආකාරයේ Facebook සටහන් ද නිරන්තරයෙන් පළ වන බව පෙන්වා දුන් නීතීඥයින්, එවන් පසුබිමක මෙය හාස්‍යජනක චෝදනාවක් බවයි ප්‍රකාශ කළේ.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව රියදුරුට රුපියල් 5000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් ආර්.එම්.ජී.සී. රාජපක්ෂ මහතා නියෝග කළේ ය.
නඩුව ජුනි මස 25 වැනි දින දක්වා කල් තැබීය.

No comments:
Post a Comment