ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී යන දෙදෙනා පෙර දැනුම්දීමකින් හා නිසි ක‍්‍රමෙවිදයකින් තොරව ඉවත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කර ඇති ප‍්‍රකාශ සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත තම ඉල්ලා අස්වීෙමි ලිපි බාරදී ඇතත් ඒ පිළිබදව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැත. මාස ගණනාවක් පුරා ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාරයන් වන ඖෂධ මිල පහත දැමීමට අවශ්‍ය රෙගුලාසි හා ප‍්‍රතිපත්ති සැකසීම, මිල සදහන් කිරිම වැනි කටයුතු වලට අදාලව දැඩි ප‍්‍රමාදයක් සහ දැඩි දුර්වතා පැවැතිනි.
නමුත් 2015 වර්ෂයේ ජුලි මාසයේ සිට මෙම කාර්යන් ක‍්‍රමවත් ව හා කඩිනම්ව සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඔවුන්ට කිහිපවිටක්ම නියෝග කරන ලදි. ඖෂධ නියාමන අධිකාරියේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වර්ධනය කිරිමත් අදාල කාර්යයන් ක‍්‍රමවත්ව හා කඩිනම්ව සිදු කිරීම සදහාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ පාලන අධිකාරියේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සමග විශේෂ සාකචිඡ වට කිහිපයක් පැවැත් වූ අතර, අවසන් වරට පසුගිය සිකුරාදා දින 05 සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකචිඡවේදී එම නිලධාරීන් තම දුර්වලකම් මඟවරවාගෙන යථා පරිදි ඖෂධ නියාමන අධිකාරියේ කාර්යයන් සිදු කරන බවටසෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු වී ඇත.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දෙමින් පවසා සිටියේ ජනතාවට අඩු මිලට ඖෂධ ලබාදීමටත්, ප‍්‍රමාදයකින් හා හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ ලබාදීමත්, නිසි වේලාවට ඖෂධ ලියාපදිංචිය හා ඒවාට අවසරය ලබාදීමත්, අරමුණු කොටගෙන පිහිට වූ ඖෂධ නියාමන අධිකාරිය ක‍්‍රමවත්ව පවත්වාගෙන යන ලෙසයි. එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරීන් අමාත්‍යවරයාගෙන් තම ඉල්ලා අස්වීම පිළිගත්තා ද යන්න විමසූ අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ඒ පිළිබදව ඉදිරියේ දී තමා තීරණයක් ගන්නා බවයි.
තවමත් අවසන් තීන්දුවක් හෝ දී නොමැති වුවත්, ෙමි පිළිබදව කිසිවක් නොදැන ජනතාව නොමග යවමින් දේශපාලන යටි අරමුණු වෙනුවෙන් ක‍්‍රියා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන්ගේ දැඩි කණගාටුව ප‍්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ඉවත් කිරීම ප‍්‍රායෝගික නොවන ආකාරයෙන් සිදු කර ඇති බවයි. නමුත් එසේ සිදුව නොමැති අතර, දේශපාලන අරමුණු වෙනුවෙන් හා නොදන්නා සිද්ධින් සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ සාවද්‍ය ප‍්‍රකාශ ඉදිරිපත් නොකර නිදහස් සෞඛ්‍ය සේවාෙවි උන්නතිය හා වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැවැසීය.
– නිපුන් ඒකනායක
Monday, February 8, 2016
ඇමති රාජිත GMOA සමඟ නැවතත් පැටලෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment