සරසවි සිසුන් දෙදෙනා මියයෑමේ විමර්ශන CIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

සරසවි සිසුන් දෙදෙනා මියයෑමේ විමර්ශන CIDයට

2012 වසරේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර තිබේ.

නුවර පාර ඉඹුල්ගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව මියගිය ජනක බණ්ඩාර ඒකනායක සහ සිසිත ප්‍රියන්කර යන සිසුන් දෙදෙනා වෙනුවෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම විමර්ශනය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad