මහින්ද - චන්ද්‍රිකා, විජය සැමරුම දෙකට බෙදයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

මහින්ද - චන්ද්‍රිකා, විජය සැමරුම දෙකට බෙදයි (VIDEO)

අභාවප්‍රාප්ත දේශපාලඥයෙකු, නළුවෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ විජය කුමාරණතුංග මහතාගේ 28 වැනි ගුණ සමරුව ඊයේ (16) දිනට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සව දෙකක් ස්ථාන දෙකක දී පැවැත්වීම වඩාත් කැපී පෙනෙන සිදුවීමක් විය. 

මින් එක් උත්සවයක් විජය කුමාරණතුංග මහතාගේ බිරිඳ වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායක ප්‍රදේශයේ පිහිටි විජය කුමාරණතුංග සමාධිය අසළ පැවැත්වුණු අතර අනෙක් උත්සවය කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහි දී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ විජයගේ ඝාතකයන් සහ ඔහු සිරගත කළ පුද්ගලයන් සමඟ හිටපු ජනපතිනිය මේ වන විට එක්ව කටයුතු කරන බව යි. එමෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජය කුමාරණතුංග සැමරීම පිළිබඳව විරෝධය පළ කර සිටින බව යි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ විජයගේ මලගෙදර හෝ නොපැමිණි මහින්ද රාජපක්ෂ අද විජය සමරන්නේ කෙසේදැයි තමන් නොදන්නා බව යි.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad